අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හම්බෙන විශේෂ තෑග්ග - 'X නිවේදනයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම වෙනුවෙන් අතිනවීන හෙලිකොප්ටර් යානා 10ක් නොමිලේ ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එක්සත් ජනපද නාවික හමුදාවට අයත් TH-57 (Bell 206 SEA RANGER) වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් මෙසේ ශ්‍රී ලංකාවට පිරිනමන බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය 'X' (ට්විටර්) ගිණුම හරහා නිවේදනය කර ඇත.
අඳාළ හෙලිකොප්ටර් යානාවල උපකරණ සඳහා කිසිදු පිරිවැයක් අය නොකෙරෙන අතර, ඒවා 'අතිරික්ත ආරක්ෂක ද්‍රව්‍ය වැඩසටහන' (Excess Defence Articles Program) යටතේ ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන බවත් සඳහන්.
එසේම මෙම හෙලිකොප්ටර් යානා වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව පවසයි.