ශ්‍රී ලංකාවට සුබ වෙයි - එක්සත් රාජධානියෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය අද (8) දින මේ බව දන්වා ඇත.
මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින්.
මේ හේතුවෙන් එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙයි.
එමෙන්ම මේ සමඟ පැවති ආනයනික ප්රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමඟින් වෙළෙඳාම පහසුකරවන අතර, ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපරකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය හිමි වේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයන කැපී පෙනෙන ආකාරයට ඉහළ යනු ඇති බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනයෙන් දන්වා ඇත.
මෙරට නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලම වෙළෙඳපොළ ඇත්තේ එක්සත් රාජධානිය වේ.
එසේම එහි වටිනාකම ආසන්න ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වන බව සඳහන්. ඒ අනුව නව වැඩපිළිවෙළ යටතේ නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇති බව බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත් මෙම වෙළෙඳ ගිවිසුම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ වැඩසටහන (DCTS) මඟින් රටවල් 65ක් සඳහා ක්‍රියාත්මක වේ.
Sinhala_ 251219 Press Release - DCTS ROO Reforms Now in Force by poornima