අද සිට අවලංගු වන ගුවන් ගමන් ගැන දැනුවත් කිරීමක්
අමෙරිකාවේ United Airlines සහ Delta Air Lines යන ගුවන් සමාගම් දෙකම අද සිට ගුවන් ගමන් 400කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) මඟින් එරට කාර්යබහුල ගුවන් තොටුපළ 40ක ගුවන් ගමන් අඩු කිරීමට උපදෙස් දීමෙන් අනතුරුවයි.
මේ අතර United Airlines සමාගම ඊයේ(06) දින සිකුරාදා සිට ඉරිදා දක්වා කාලය තුළ සිය ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට සැලසුම් කරන බව සඳහන් කළා.
ඒ අනුව දිනකට ගුවන් ගමන් 4,500ක් පමණ ක්‍රියාත්මක කරන United සමාගමේ, මෙම කප්පාදුවල ප්‍රතිඵලයක් වශයෙන් දිනපතා ගුවන් ගමන් අවලංගු කිරීම් 200කට වඩා අඩු ප්‍රමාණයක් සිදුවේ.
එසේම Delta Air Lines සිකුරාදා ගුවන් ගමන් 170ක් පමණ අවලංගු කරන බවත්, සෙනසුරාදා ගමනාගමනය අඩු දවසක් වන හෙයින් අඩු ප්‍රමාණයක් අවලංගු කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මඟින් මුලින් සිකුරාදා සිට 10% කප්පාදු පැනවීමට සැලසුම් කළද අනතුරුව ගුවන් සමාගම්වලට දැනුම් දී ඇත්තේ ඔවුන් 4% කප්පාදුවලින් ආරම්භ කර එළඹෙන සතියේ 10% දක්වා වැඩි කරන ලෙසයි.