අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් - ගෙවල්වලටත් එනවා
අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීමට 2023 වසරේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලද ලක්ෂ 34 අතරින් මිලියනයක පිරිසක් අස්වැසුම ලබාදෙන මෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දුක් ගැනවිලි ඉදිරිපත් කර තිබෙන බවට එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර ප්‍රකාශ කළා.
ඒ අනුව පසුගිය 2023 වසරේදී අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභයට ඉල්ලුම කළ ලක්ෂ 34 කට යළි ප්‍රතිලාභය ඉල්ලුම් කිරීමට මෙමස 10 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා කාලය ලබාදී ඇති බව ඔහු සඳහන් කළා.
එසේම මෙහිදී අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභයට ලියාපදිංචි වූ සියලු දෙනාම නැවත ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබාදීම සිදු කෙරෙන බව සඳහන්.
ඔහු මේ බව සඳහන් කළේ අස්වැසුම පළමු අදියරේ තොරතුරු නැවත තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) දින පැවැති මාධ්‍ය හමුවේදීයි.
ඒ අනුව මෙසේ අස්වැසුම ප්‍රතිලාභය ඉල්ලුම කරන සියලු දෙනාගේ නැවත සමීක්ෂණ කටයුතු පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් විසින් අදාළ ඉල්ලුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළා.
එමෙන්ම නැවත සමීක්ෂණය කරනු ලබන සියලු දෙනා තේරීම් ක්‍රියාවලිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තේරීම් කමිටු ඔස්සේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත ගබඩාවට ලබා ගන්නා බවත් ප්‍රකාශ කළා.
ඒ අනුව දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලද මිලියනයක පිරිස සම්බන්ධව මේ වනවිට සුබසාධක මණ්ඩලය මඟින් සමීක්ෂණ කටයුතු සිදුකර ඇති බවත්, ඔවුන්ට ද මෙවර ප්‍රතිලාභය ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම එම ඉල්ලුම් පත්‍ර මාර්ගගත ක්‍රමයට හෝ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදීමේ හැකියාව ඇති බවත් සඳහන්.
එමෙන්ම අදාළ ඉල්ලුම් පත්‍ර ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැක. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ www.eservices.wbb.gov.lk වෙත පිවිස මාර්ගගතව ඉල්ලුම් පත්‍ර පිරවීමේ හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනතේ විධි විධාන ප්‍රකාරව වසරක කාලයක් තුළදී යළි ලියාපදිංචි කළයුතු බවද පෙන්වා දෙයි.
මෙහිදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර 2023 වසරේ ආරම්භ කරන ලද අස්වැසුම ව්‍යාපෘතියෙන් මේ වනවිට ලක්ෂ 17 ක පමණ පිරිසක් ප්‍රතිලාභ ලබන බවත්, අස්වැසුම ලබාදෙන පිරිස තෝරා ගැනීමේදී එය ලැබිය යුතු පිරිසකට අදාළ ප්‍රතිලාභය ලැබී නැති බවටත් දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවත් පවසයි.
[VK7GURA[