ඉරානෙට ගහන්න ඇමරිකාවට අධික වියදමක් - නැව් කීපයක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කරයි
ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම ‘ඔපරේෂන් එපික් ෆියුරි’ ලෙස නම් කර තිබේ.
ඒ අනුව විදේශ මාධ්‍ය වාර්තා අනුව, මෙහෙයුම ආරම්භ කළ පළමු පැය 24 තුළ පමණක් ඒ සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 779ක් වන බව අනාවරණය වී ඇත.
ප්‍රහාරය ආරම්භ කිරීමට පෙර, ජනාධිපති Donald Trumpගේ උපදෙස් මත ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නැව් බලඇණියක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබූ අතර, එමෙන්ම ඉරානයට එල්ල කරන ප්‍රහාර සඳහා එම නැව් භාවිත කරනු ලබන බව සඳහන් වේ.
එම නැව් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කිරීම සඳහා පමණක් ඇමෙරිකාවට ඩොලර් මිලියන 6.5ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බවද වාර්තා වේ.
තවද, USS Gerald R. Ford යන යුද නෞකාව ද මධ්‍යධරණී මුහුදේ සිට මෙහෙයුම් සඳහා එක්ව ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට වැයවන මුදල ද ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් පමණ වන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.