මීට සුළු මොහොතකට පෙර ජනපති පාර්ලිමේන්තුවට - යුධ උණුසුම මැද ලංකාවට වෙන දේ ගැන විශේෂ ප්‍රකාශයක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

ඔහු පාර්ලිමේන්තුව අමතමින් මැදපෙරදිග රටවල මේ වන විට ඇතිව තිබෙන යුධමය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

එහිදී යුධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වුවා.

එසේම අද (03) දිනයේදී විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර විපක්ෂය මඟින් ගෙන එනු ලබන කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා. 

එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම යුධමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු බවයි.

"ඕනෑම යුධ ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි. එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි."

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

මැදපෙරදිග ඇවිලෙන ගින්න අද කොළඹ කොටස්වලටත් බලපායි

මැදපෙරදිග ඇවිලෙන ගින්න අද කොළඹ කොටස්වලටත් බලපායි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි