මීට පස්සේ ග්‍රීන් කාඩ් නෑ - ඒ වෙනුවට නව ක්‍රමවේදයක්

Report

ඇමරිකා එක්සත් ජනපදය මඟින් සිය H-1B වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයෙහි සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිමය වෙනස්කම් යටතේ, මෙතෙක් ක්‍රියාත්මක වූ අහඹු ලොතරැයි ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට ඉහළ වැටුප් ලබන හා උසස් වෘත්තීය කුසලතාවලින් යුත් විදේශීය ශ්‍රමිකයින්ට මූලිකත්වය හිමි වන තේරීම් ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත.

මේ තීරණය ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මෙම නව රෙගුලාසි 2026 වසරේ පෙබරවාරි මස 27 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත්, 2027 වසරේ H-1B වීසා ලියාපදිංචි කිරීමේ වාරයේ සිට එය බලපැවැත්වෙන බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම වෙනස්කම් කිරීමේ මූලික අරමුණ නම් එක් අතකින් දේශීය ඇමරිකානු ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමත්, අනෙක් අතට ඇමරිකානු සේවා යෝජකයන්ට අවශ්‍ය දක්ෂ විදේශීය වෘත්තිකයන් බඳවා ගැනීමට පහසුකම් සැලසීමත් බව වාර්තා වේ.

බැංකුවෙන් ණය ගත්තද? මහ බැංකුවෙන් සහනයක්

බැංකුවෙන් ණය ගත්තද? මහ බැංකුවෙන් සහනයක්

මේ අතර H-1B වැඩසටහන මඟින් තාක්ෂණ, ඉංජිනේරු සහ සෞඛ්‍ය වැනි විශේෂිත ක්ෂේත්‍රයන්හි විදේශීය වෘත්තිකයන් බඳවා ගැනීමට සමාගම්වලට අවස්ථාව සලසා දෙන අතර, වාර්ෂිකව නිකුත් කෙරෙන වීසා සංඛ්‍යාව 65,000කට සීමා වන බව සඳහන්.

ඊට අමතරව, ඇමරිකානු උසස් උපාධිධාරීන් සඳහා වීසා 20,000ක් වෙන් කර තිබුණද, පවතින දැඩි ඉල්ලුම හමුවේ සැපයුම ප්‍රමාණවත් නොවන බවත් නිරීක්ෂණය වී ඇත.

එබැවින් යෝජිත නව රාමුව යටතේ වීසා අයදුම්කරුවන් තෝරා ගැනීම අහඹු ලෙස සිදු නොවන අතර, ඒ වෙනුවට අයදුම්කරුවන්ට හිමි වන වැටුප් මට්ටම සහ ඔවුන් සතු විශේෂිත කුසලතා මත පදනම් වූ බර තැබීමේ ක්‍රමවේදයක් අනුගමනය කර‍යි.

එනිසා ඉහළ වැටුප් සහිත රැකියා සඳහා අයදුම් කරන වෘත්තිකයන්ට වීසා හිමි වීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස ඉහළ යන බවත්, අඩු වැටුප් සහිත රැකියා සඳහා අයදුම් කරන්නන්ට ද සුදුසුකම් ලැබිය හැකි වුවද, ඔවුන් තෝරා ගැනීමේ අවස්ථා සීමා වනු ඇති බවත් සඳහන්.

මෙම පියවරෙහි එක් අරමුණක් ලෙස සංක්‍රමණ නිලධාරීන් පෙන්වා දෙන්නේ, පෙර පැවති ලොතරැයි ක්‍රමය ඇතැම් සේවා යෝජකයින් විසින් අවභාවිත කරමින් අඩු වැටුප් සහිත රැකියා සඳහා විශාල ලෙස අයදුම්පත් ඉදිරිපත් කිරීම වැළැක්වීම බවයි.

ඇමරිකානු පුරවැසිභාවය සහ සංක්‍රමණ සේවා ආයතනයේ ප්‍රකාශක මැතිව් ට්‍රැගෙසර් මහතා මෙම ප්‍රතිසංස්කරණ මඟින් වැඩසටහන කොන්ග්‍රසයේ අරමුණු සමඟ වඩාත් හොඳින් පෙළගැස්වීමටත්, ඇමරිකාවේ තරගකාරීත්වය ඉහළ නැංවීමටත් ඉවහල් වනු ඇති බව පවසයි.

විදේශීය දක්ෂතා මත යැපෙන ඇමරිකානු සමාගම්වලට මෙම නව ක්‍රමය නිසා තම බඳවා ගැනීමේ උපාය මාර්ග වෙනස් කිරීමට සිදු වනු ඇතැයි බලාපොරොත්තු වේ. එහිදී, වීසා ලබා ගැනීම සහතික කර ගැනීමට වැටුප් වැඩි කිරීමට හෝ රැකියා භූමිකාවන් වඩාත් විශේෂිත කිරීමට සේවා යෝජකයින් පෙළඹෙනු ඇති බව සඳහන්.

කොළඹට නරක ආරංචියක් - දීමනාව ඉල්ලූවට මෙයාලට දෙන්නේ නෑ

කොළඹට නරක ආරංචියක් - දීමනාව ඉල්ලූවට මෙයාලට දෙන්නේ නෑ

මෙය ඉහළ වැටුප් ලබන වෘත්තිකයන්ට වාසිදායක වුවත් අඩු වැටුප් ලබන රැකියා අපේක්ෂකයින්ට දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට විචාරකයන් පවසයි.

කෙසේ වෙතත් මෙම නව රෙගුලාසිය හඳුන්වා දී ඇත්තේ H-1B වැඩසටහන සම්බන්ධයෙන් අධීක්ෂණය දැඩි කිරීමේ ට්‍රම්ප් පාලන තන්ත්‍රය මඟින් ගනු ලැබූ පුළුල් ක්‍රියාමාර්ගවල කොටසක් වශයෙන්.

මෙයට සුදුසුකම් ලැබීම සඳහා ඇතැම් සේවා යෝජකයින් එක් වීසා බලපත්‍රයක් වෙනුවෙන් ඩොලර් 100,000ක අමතර ගාස්තුවක් ගෙවීමේ නීතියක් ද ඇතුළත්.

මේ අතර ඇමරිකානු බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ H-1B වැඩසටහන මඟින් වැටුප්, රැකියා සහ ව්‍යාපාරික අවශ්‍යතා කෙරෙහි ඇති කරන බලපෑම අඛණ්ඩව සමාලෝචනය කරන බැවින් ඉදිරියේදී තවත් සංශෝධන සිදු විය හැකි බවයි.

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි