කොළඹට නරක ආරංචියක් - දීමනාව ඉල්ලූවට මෙයාලට දෙන්නේ නෑ

Report

‘දිට්වා’ සුළි කුණාටුව නිසා ආපදාවට ලක්වූවන්ට ගෙවන රුපියල් විසිපන්දහසක (25,000) දීමනාව ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබුණු අයැදුම්පත් අතරින් එක්දහස් එකසිය තිස්අටක් (1,138) ප්‍රතික්ෂේප කෙරුණු බවට කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (23) දින පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.

මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවතුණා.

අද ඉඳලා කොළඹින් එන අයට සතුටු හිතෙන විශේෂ දැනුම්දීමක්

අද ඉඳලා කොළඹින් එන අයට සතුටු හිතෙන විශේෂ දැනුම්දීමක්

එහිදී දෙසැම්බර් 02 වම දින වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්ව තිබූ නිවාස ගණන හැත්තෑඑක් දහස් එකසිය අනූතුනක් (71,193) බවත් රුපියල් විසිපන්දහසක (25,000) දීමනාව ලබා ගැනීමට අදාළව අයදුම්පත් හතළිස් නවදහස් නවසිය හතළිස්හයක් (49,946) ලැබී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.

එසේ වුවත් ඉන් අදාළ දීමනාව ගෙවීමට තිබෙන අයැදුම්පත් ප්‍රමාණය තුන්දහස් එකසිය අනූදෙකක් (3,192) බවද ඔහු සඳහන් කර ඇත.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී