වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ මිල ගණන් වෙනස් වෙයි - ප්‍රධාන වාණිජ බැංකුවල අද ඩොලරයේ විනිමය අනුපාත මෙන්න

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටී තිබේ.

ඒ අනුව, ඇතැම් වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 333.00 දක්වා ඉහළ ගොස් ඇත.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.35ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 333.60ක් ලෙසත් පසුගිය සිකුරාදාට සාපේක්ෂව වෙනසකින් තොරව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.00 සිට රුපියල් 324.20 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 333.00 සිට රුපියල් 333.20 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.45 සිට රුපියල් 324.60 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 332.50 සිට රුපියල් 332.65 දක්වා ඉහළ ගොස් ඇත.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 322.60ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 332.50ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.

මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.50 සිට රුපියල් 325.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 332.50 සිට රුපියල් 333.00 දක්වා ඉහළ ගොස් තිබේ.

තෙල් මිල නැවතත් ඉහළට- සෞදි ප්‍රහාර සහ නල මාර්ග වැසීම නිසා ගෝලීය වෙළඳපොළ දැඩි අවදානමක

තෙල් මිල නැවතත් ඉහළට- සෞදි ප්‍රහාර සහ නල මාර්ග වැසීම නිසා ගෝලීය වෙළඳපොළ දැඩි අවදානමක

ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී

ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී