ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී
මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 91 වැනි වියේ පසුවූ ඒ මහත්මිය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ .
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ දයා නෙල්ලම්පිටිය මහත්මිය, දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්‍රදාය කියාදුන් විශිෂ්ට ගුරුවරියක ද විය.
එමෙන්ම ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය වර්තමානයේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරිය ද වූවාය.
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා ඇය අමුපමේය මෙහෙයක් ඉටු කරන ලදි. ඒ මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.