ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවෝ වීදිබසී - ‘No kings’ දැවැන්ත විරෝධතා
මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී ඇත .
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ විරෝධතා ආරම්භ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
ඇමරිකාව පුරා ස්ථාන 3000ක විරෝධතා ආරම්භ වී ඇති බවත් තවත් ලක්ෂ ගණනක පිරිසක් මෙම විරෝධතාවන්ට එක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ‘No kings’ ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙස සැලකෙයි .
ඇතැම් නගරවල වීදි දිගේ දැවැන්ත පෙළපාලි පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ වගේම තවත් ස්ථානවල ගායනා, නර්ථන සහ දේශනවලට සවන් දීමට ජනකායක් රැස්වෙමින් පවතී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉහළ ජීවන වියදම සහ ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිව මේ අයුරින් විරෝධතා වෙනුවෙන් ජනතාව පෙළ ගැසී තිබේ.