මැද පෙරදිග යුද උණුසුම තීව්‍ර කරමින් ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමකට පෙන්ටගනය සූදානම්
ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත වාර්තා කර ඇත .
එහි දැක්වෙන්නේ එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බවයි .
මේ වනවිටත් යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවට සඳහන්ය.
කෙසේවෙතත් මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ස්ථිරව ප්‍රකාශවී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වේ.
මැරීන් භටයින් 4,000ක් පමණ මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවට ද මීන් පෙර තොරතුරු වාර්තා වී ඇත.
ඒ වගේම තව දුරටත් වාර්තා වෙන්නේ 82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් යුද මෙහෙයුම සඳහන් සූදානම්ව සිටින බවයි.