රටේ තියෙන තෙල් ගැන හදිසි දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ඉන්ධන ගබඩා ධාරිතාවය වැඩි කිරීමේ අරමුණින් නව ටැංකි ඉදිකිරීම් කිහිපයක් සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. 

මේවනවිට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඇත්තේ මෙට්‍රික්ටොන් 440,147ක සමස්ත ගබඩා ධාරිතාවයක් පමණි. ඒ අනුව ඉන්ධන ගබඩා පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුල සමස්ත ධාරිතාවය ඝණ මිටර් 64,000කින් යුතු ටැංකි හයක් ඉදිකිරිමේ කටයුතු ආරම්භකොට ඇත.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

ඒ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3,374කි. එමෙන්ම කොලොන්නාව ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුල සමස්ත ධාරිතාවය ඝණ මිටර් 22,000කින් යුතු ටැංකි දෙකක් ඉදිකිරිමට සැලසුම්කොට ඇත. ඒ සදහා ඇස්තමේන්තුකොට ඇති මුදල රුපියල් මිලියන 1,470.4කි.

මුතුරාජවෙල ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුළ සමස්ත ධාරිතාවය ඝණ මිටර් 40,000කින් යුත් ටැංකි තුනක් ඉදිකිරිමට සැලසුම්කොට ඇති අතර ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත. මේ සදහා ප්‍රසම්පාදන ලේඛණ සකස්කරමින් පවතින බවද බලශක්ති අමාත්‍යංශය පවසයි.මේ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 3,496කි.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්