සිසු සිසුවියන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම් දීමක්...!!!

Report

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2024 (2025) හා අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ - 2024 (2025) සඳහා පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර තිබේ.

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වෙන 2025.05.24 හා 25 යන දිනවල දී අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සිදුව ඇති සිසු සිසුවියන් සඳහා මෙම දැනුම්දීම සිදුකර ඇත.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

ඒ අනුව දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය යන විභාග දෙකටම එකම දිනයන්හී පෙනි සිටීමට සිදුව ඇත්නම් එම අයදුම්කරුවන්ට අ.පො.ස. (සා.පෙළ) ප්‍රායෝගික පරීක්ෂණ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් 2025.05.27 වන දිනට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම මගින් අ.පො.ස. (සා.පෙළ) ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.