උඩරට දුම්රිය ධාවන යළිත් සාමාන්‍ය පරිදි.....
Badulla
Sri Lanka Railways
Department of Railways
Weather
Railways
By Hashini
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නානුඔය දක්වා සීමා කර තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
ඊයේ (23) දිනයේ දී තීරණය කරනු ලැබුවේ බදුල්ල දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමටයි.
නානුඔය දක්වා උඩරට දුම්රිය ගමනාගමනය සීමා කරනු ලැබුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තීරණය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බවයි.
අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක නායයෑම් සහ ගල් පෙරලීම් වාර්තා වුණා.