ස්වභාවික රූපලාවන්‍ය ආලේපන බව ඇඟවූ ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග නිෂ්පාදන ආයතනයක් වටලයි
ස්වභාවික රූපලාවන්‍ය ආලේපන බව අඟවමින් ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළ ආයතනයක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්ව ඇත.
ඒ අනුව අඳාළ නිෂ්පාදන දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන කුළුබඩු උද්‍යානය (spice garden ) වෙත ලබා දී අලෙවි කර තිබෙන බව සඳහන්.
එසේම ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග සැකසූ මෙම නිෂ්පාදනාගාරය මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේදී ඊයේ (07) දිනයේදී වැටලීමකට ලක් කර ඇති බව වාර්තා විය.
මේ අතර කිසිදු ප්‍රමිතියකින් තොර ක්‍රීම් වර්ග අධික මිල ගණන් යටතේ විදේශිකයින්ටද අලෙවි කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මාවනැල්ල ප්‍රදේශයේ කුළු බඩු ආශ්‍රිත ස්ථානයක් වැටලීමෙන් පසුව ලද තොරතුරක් මත මෙම කර්මාන්තශාලාව වැටලීමට පියවර ගෙන තිබෙනවා.