දිවයිනේ මේ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් - හුස්මත් විස වෙන ලකුණු - අවධානයෙන් සිටින්නැයි දන්වයි

Report

මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී ඇත.

එබැවින් ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 186 යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර, කිලිනොච්චියෙන් 170ක්, හලාවතින් 162ක්, අනුරාධපුරයෙන් 165ක් සහ බත්තරමුල්ලෙන් 166ක් වශයෙන් එම අගයන් වාර්තා වී තිබෙනවා.

එසේම ත්‍රිකුණාමලයෙන් 156ක් සහ අක්කරපත්තුවෙන් 154ක් වශයෙන් ද වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බවයි.

එසේම ඇල්ල ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශක අගය 101ක් වශයෙන් වාර්තා වී ඇති අතර, එය සුළු ලෙස අහිතකර මට්ටමට අයත් බව සඳහන්.

එමෙන්ම රත්නපුර ප්‍රදේශයෙන් 96ක අගයක් වාර්තා වී ඇති අතර එය මධ්‍යස්ථ මට්ටමක් වශයෙන් සැලකෙයි. වායු ගුණාත්මක දර්ශකය අනුව 0ත් 50ත් අතර අගයන් යහපත් මට්ටම ලෙසත්, 51ත් 100ත් අතර අගයන් මධ්‍යස්ථ මට්ටම ලෙසත් වර්ගීකරණය කර ඇත.

ඒ අනුව 101ත් 150ත් අතර අගයන් සුළු වශයෙන් අහිතකර මට්ටමටත්, 151ත් 200ත් අතර අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටමටත් අයත් බව සඳහන්.

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල

එසේම 201ත් 300ත් අතර අගයන් ඉතා අහිතකර මට්ටම ලෙසත්, 301ත් 500ත් අතර අගයන් අනතුරුදායක මට්ටම ලෙසත් වර්ගීකරණය කර තිබෙනවා.

එබැවින් වායු දූෂණ මට්ටම ඉහළ ප්‍රදේශවල ජනතාවට ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

ලංකාව කළඹපු කාලගුණය අද මඳක් සන්සුන් - උදෑසන 05.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනයක්

ලංකාව කළඹපු කාලගුණය අද මඳක් සන්සුන් - උදෑසන 05.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනයක්