මෙන්න මේ වයසේ කෙනෙක් අතුරුදන් නම් ඇවිත් බලන්න. - කැලණි ගඟෙන් හමු වූ නාඳුනන මළ සිරුර.
By Wayomi
ඊයේ (17) සවස පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් හමුව තිබෙනවා.
මෙම පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අඟල් 06ක් බවයි පොලීසිය පවසන්නේ.
එම මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැනපත් කර ඇති අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
