මිහින්තලේ පිණ්ඩපාත වඩින කිරුළු පැළඳි ලෝක රූ රැජන. - (VIDEO)

Poson poya day
By Wayomi Jun 17, 2024 01:08 PM GMT
Wayomi

Wayomi

Report

මෙවර මිහින්තලේ 2332 වන පොසොන් පිංකම සඳහා ජනතා දායකත්වය ලබාගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජනකව සිට පැවිදි දිවියට පත් එලිසබෙත් සුජාතා භික්ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15) පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා.

ඒ, මෙවර ද රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන්.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රූ රැජන ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර 2006 වසරේ ලෝක රූ රැජන ලෙස කිරුළු පැළඳියාය.

පසු කාලයේදී ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් ඇය සියලු සම්පත් අතහැර උතුම් පැවිදි දිවියට එක්විය.

මෙහිදී අදහස් දැක්වූ එලිසබෙත් සුජාතා භික්ෂුණිය කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවයි.

එමෙන්ම තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.


ReeCha