ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

Report

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සියලුම ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන ආකාරයට සියලුම ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස දැනුම් දී ඇත්තේ ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම කාරුණිකව දන්වා සිටින්නේ මෙම උපදෙස් සහ නියෝග නොසලකා හරින හෝ උල්ලංඝනය කරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ලිට්‍රෝ අලෙවි නියෝජිතභාවය (Agency) පවා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව සහ නියමිත මිලට ලිට්‍රෝ ගෑස් ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්