තත්ත්වය නරක අතට - මුරසු ප්‍රබල සුළි කුණාටුවක් වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Report

බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ පවතින ‘මුරසු’ (Murasu) නම් සුළි කුණාටුව, ඊයේ (01) රාත්‍රී 11:30 වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 480ක් පමණ උතුරු-ඊසාන දෙසින් පිහිටා තිබුණි. මෙම පද්ධතිය ඉදිරි පැය තුන තුළ තවදුරටත් වර්ධනය වී 'දරුණු සුළි කුණාටුවක්' (severe cyclonic storm) බවට පත්වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

ඉන්පසු එය වයඹ දෙසට ගමන් කර, අද (02) මධ්‍යම රාත්‍රියත් හෙට (03) අලුයම කාලයත් අතරතුර, ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ නෙල්ලෝර් (Nellore) සහ නර්සාපූර් (Narsapur) අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

උතුරු අක්ෂාංශ 10° – 17° සහ නැගෙනහිර දේශාංශ 80° – 90° අතර ප්‍රදේශවල මෙන්ම, මන්නාරමේ සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල ද, නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.

දැනටමත් මුහුදේ සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස දන්වා සිටී. මේ අතර, ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හෝ දකුණු දෙසින් හමන සුළං පැයට කිලෝමීටර් 25–35ක වේගයකින් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

හලාවත සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40–45 දක්වා වැඩි විය හැකි අතර, එම ප්‍රදේශ තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පැයට කිලෝමීටර් 60–70ක පමණ වේගවත් සුළං ඇති විය හැකි අතර, එවිට මුහුද ඉතා රළු තත්ත්වයට පත්විය හැක. අවට අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු තත්ත්වයේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දෙනු ලැබේ.