අත්තනගලු ඔයේ නිරුවත් පිරිමි මළ සිරුරක්
අත්තනගලු ඔයෙහි තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව තිබේ.
අත්තනගල්ල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම දේහය සොයාගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැත.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කර ඇති අතර, අත්තනගල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරමින් පවතින බවද සඳහන් කරයි.