මේ සියලුම නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට

Report

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ (NCB) යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) හරහා ලබාගත් තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත හුවමාරු වීමේ සිද්ධියක් අනාවරණය වූ බැවින්, අදාල කාර්යංශයේ සියලු නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් පරීක්ෂාවක් ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව, පොලිස් විශේෂ විමර්ශන කාර්යංශය (SIU) මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද (CID) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. VMS පද්ධතිය මඟින් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු නිරීක්ෂණය කර තිබේ.

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

විවිධ IP අංක 57ක් හරහා පද්ධතියට ඇතුළු වී ඇති තොරතුරු, අනවසරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී තිබීම අනාවරණය වී ඇත.

මෙම පසුබිමෙන්, ජාවාරම්කරුවන් ගමන් මාර්ග සහ බෝට්ටු වෙනස් කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ නිසා, පසුගිය කාලයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වූ මත්ද්‍රව්‍ය තොග ප්‍රමාණය අඩු වීමත්, රැස් වූ තොරතුරු අනුව විමර්ශන නිලධාරීන්ට අමතරව ජාවාරම්කරුවන්ට තොරතුරු ලැබී ඇති බවද අනාවරණය වී තිබේ.

ෆෝන් කෝල් එකක් නිසා තරුණයෙක් මරුට

ෆෝන් කෝල් එකක් නිසා තරුණයෙක් මරුට