යුධ ගිනිදැල්වලින් ඉරානයේ ඉතිහාසය විනාශ වෙයි - ලෝක උරුමයට එල්ල වූ ප්‍රහාරය නිසා යුනෙස්කෝවත් කැළඹේ

Report

යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට 'Golestan Palace', එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි සිදුව තිබෙන බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම මාලිගයට හානි සිදුවී ඇති බවට වාර්තා වීමත් සමඟ යුනෙස්කෝ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති බව සඳහන්. 16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයක් වශයෙන් සැලකෙන මෙම මාලිගය, ඉරාන සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයක් ලෙස හඳුන්වයි.

එසේම ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා මෙන් යුනෙස්කෝ සංවිධානය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මාලිගය ආසන්නයේ පිහිටි ටෙහෙරානයේ අර්ග් චතුරශ්‍රයේ ද 'Arg Square' පිපිරීමක් සිදුව ඇති බවයි.

ගොලෙස්තාන් මාලිගය, කජාර් රාජවංශයේ ඉරාන රජවරුන්ගේ නිල නිවස වශයෙන් භාවිතා වූ අතර අනතුරුව එය පහ්ලවි රාජවංශයේ නිල මූලස්ථානය බවට පත්ව ඇත.

එමෙන්ම විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මාලිගයේ පවතින අතිවිශිෂ්ට කණ්ණාඩිවලින් කළ නිර්මාණ සහ පෞරාණික වීදුරු නිර්මාණ කම්පන තරංග හේතුවෙන් බිඳී ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම යුධමය වාතාවරණය හමුවේ ඉතිහාසයේ මිල කළ නොහැකි මෙවැනි ස්මාරක අනතුරේ වැටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.  

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධේ මැද ඩොලර් මිල ගණනුත් උඩ යයි

යුද්ධේ මැද ඩොලර් මිල ගණනුත් උඩ යයි