බරපතළ තත්ත්වයක් ලොකු ලොක්කෝ ගොඩකට පාතාලෙන් මරණ තර්ජන - රාජ්‍ය බුද්ධි සේවයෙන් විශේෂ විමර්ශන

By Kaushi Jan 10, 2026 10:17 AM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවන් සහ පාතාල කල්ලි සාමාජිකයන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ඇතුළු රජයේ සේවකයන් 50 කට ආසන්න පිරිසකගේ ජීවිතවලට බලපෑම් කර ඇති බවට පොලිස් තොරතුරු අනාවරණය කර ඇත.

ඒ අනුව මෙසේ ජීවිත අවදානමට ලක්වූවන් අතර බහුතරයක් පොලිස් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවලට අයත් පිරිස් වන අතර, රේගුව, ගුවන්තොටුපළ සහ විවිධ විමර්ශන අංශවල නියුතු නිලධාරීන් ද ඒ අතර වෙන බව සඳහන්.

එමෙන්ම මෙම මරණීය තර්ජන විදේශගතව සිටින පාතාල නායකයන් විසින් මෙරට සිටින තම සගයන්ට සහයෝගය දක්වන ලෙස බල කරමින් එල්ල කර ඇති බවට ද වාර්තා වේ.

විශේෂයෙන්ම මේ වන විට බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙකුට පමණ එල්ල වූ බලපෑම් පිළිබඳ හඬපට කිහිපයක් ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වෙත භාර දී ඇත.

අද දවස තීරණාත්මකයි - අධ්‍යාපන ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයට මහජන අත්සන් ගන්නේක ඇරඹේ

අද දවස තීරණාත්මකයි - අධ්‍යාපන ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයට මහජන අත්සන් ගන්නේක ඇරඹේ

ඒ අනුව තමන්ට පවතින තර්ජනය සැලකිල්ලට ගෙන ආරක්ෂාව තර කරන මෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම මේ වන විටත් අවදානමට ලක්ව සිටින මන්ත්‍රීවරුන් දස දෙනෙකුට පමණ කථානායකවරයාගේ උපදෙස් මත අතිරේක ආරක්ෂාව සපයා ඇති අතර, තවත් පිරිසකට ස්වයං ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම බරපතළ තත්ත්වය පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය මඟින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

'සනා මාමා'ට වෙඩි තබා ඝාතනය කරපු හැටි මෙන්න - චූවා සමන්තයි බඩෝවිට අසංකයි ගැටේ

'සනා මාමා'ට වෙඩි තබා ඝාතනය කරපු හැටි මෙන්න - චූවා සමන්තයි බඩෝවිට අසංකයි ගැටේ

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි