මහනුවර වෙළෙඳුන්ට අසුභ ආරංචියක් - අද ඉදන් වෙන්නේ මෙහෙමයි
මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි, මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද (02) පෙරවරුවේ සිදු කරන ලදී.
මෙම ක්‍රියාදාමයේදී නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනගර සභා නිලධාරීන් සහ පොලිසිය එක්ව සහභාගී විය. අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ දැනුම්දීම පළමුවම පසුගිය ජූලි මාසයේ නිකුත් කර තිබුණි.
එහිදී අනවසර පදික වෙළෙඳුන් පවසන්නේ, මහනුවර නගරය, පේරාදෙණිය සහ කටුගස්තොට නගරවලට වෙනුවට බෝගම්බර ප්‍රදේශයේ විකල්ප ස්ථානයක් ලබා දුන්නත්, එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බැවින් වෙළෙඳාම් කිරීමට තත්වය සුදුසු නොවන බවය.