පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දැනුම්දීමක්

Report

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අත්හිටුවා තිබූ ඉතිරි කොටස ජනවාරි 12 වනදා නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ

අනුව, විභාගය සම්බන්ධයෙන් අදාළ සියලු සවිස්තරාත්මක කරුණු ඇතුළත් චක්‍රලේඛය අද (02) දිනයේ නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

2026 වසරේ පාසල් කාලසටහන සහ ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

2026 වසරේ පාසල් කාලසටහන සහ ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

මෙම තීරණය අනුව, ජනවාරි 12 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගයේ ඉතිරි විෂය පත්‍ර ජනවාරි 20 වනදා දක්වා පවත්වාගෙන යාමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ සඳහා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන නැවත සූදානම් කර ඇති අතර, විභාගය සාමාන්‍ය ක්‍රමවේදයට අනුව පැවැත්වෙන බව ද දැනුම් දී ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පවතිණු අතර, එම අවස්ථාවේදී පැවැත්වෙමින් තිබූ උසස් පෙළ විභාගය සිසුන්ගේ ආරක්ෂාව සහ සාධාරණත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට සාධාරණ අවස්ථාවක් ලබාදීම අරමුණ බවත්, නව කාලසටහන පිළිබඳ විස්තර චක්‍රලේඛය හරහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් වෙත දැනුම් දෙන බවත්ය.

එසේම, විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සිසුන්ට අවශ්‍ය සියලු උපදෙස් අනුගමනය කරන ලෙසද අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

මම හිතුවේ ඒවා අමතක කරලා කියලා නමුත් ඒවා අමතකර කරලා නෑ - අපහාස මැද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සංවේදීව පිටියට සමුදෙයි

මම හිතුවේ ඒවා අමතක කරලා කියලා නමුත් ඒවා අමතකර කරලා නෑ - අපහාස මැද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සංවේදීව පිටියට සමුදෙයි