ඉරාන ප්‍රහාවලින් තමන් බේරාගන්නා ලෙස ඉල්ලමින් යුක්ක්‍රේනයට රටවල් 11කින් ඉල්ලීම්

Report

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇතිවන තර්ජන මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සහය ලබා දෙන ලෙස මැදපෙරදිග හා යුරෝපයේ රටවල් 11කින් ඉල්ලීම් ලැබී ඇති බව යුක්රේනය පවසයි.

මෙම රටවල් යුක්රේනය සතුව ඇති යුධ අත්දැකීම් සහ තාක්ෂණික හැකියාවන් පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බව Volodymyr Zelenskyy සමාජ මාධ්‍ය පණිවිඩයක් මගින් සඳහන් කර තිබේ.

ඉරානේ දරුවන්ගේ පාසලට අපි ගැහුවේ නෑ - ඉරානෙම ගහගත්තා - ට්‍රම්ප්ගෙන් අමුතු ප්‍රකාශ

ඉරානේ දරුවන්ගේ පාසලට අපි ගැහුවේ නෑ - ඉරානෙම ගහගත්තා - ට්‍රම්ප්ගෙන් අමුතු ප්‍රකාශ

ඔහු පෙන්වා දී ඇත්තේ, ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යුක්රේනය ලබාගෙන ඇති අත්දැකීම්, මිසයිල නාශක පද්ධති (interceptors), විද්‍යුත් යුධ ක්‍රමවේද (electronic warfare systems) සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් එම රටවල් පැහැදිලි අවධානයක් යොමු කර ඇති බවයි.

තවද, යුක්රේන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ රටේ ස්වාධීනත්වය රැක ගැනීමට සහය දක්වන පාර්ශ්වයන්ගෙන් එන මෙවැනි ඉල්ලීම් සඳහා ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමට තම රජය සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොහොට්ටුවේ මැයි රැළිය කැන්සල් - හේතුව මෙන්න

පොහොට්ටුවේ මැයි රැළිය කැන්සල් - හේතුව මෙන්න