බිලියන ගණනක් නැරඹූ 'මාෂා ඇන්ඩ් ද බෙයාර්' ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියමින් යුක්රේනයෙන් තහනම්

Report

රුසියාව සමඟ පවතින යුද ගැටුම් මධ්‍යයේ, රුසියාවේ ජනප්‍රිය ළමා සජීවිකරණ මාලාවක් වන ‘මාෂා ඇන්ඩ් ද බෙයාර්’ සම්බන්ධයෙන් සම්බාධක සහ සීමා පැනවීමට යුක්රේනය පියවර ගෙන තිබේ.

යුක්රේන සංස්කෘතික අමාත්‍ය ටෙටියානා බෙරෙෂ්නා සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර, කාටූන් මාලාව නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධ රුසියානු සමාගම්වලට එරෙහිව මෙම සම්බාධක පනවා ඇති බව සඳහන් කර තිබේ.

එමෙන්ම යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් කාටූන් මාලාව නිෂ්පාදනය කරන ඇනිමකාර්ට් චිත්‍රාගාරය සහ එහි බෙදාහරින්නන්ට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ නියෝගවලට අත්සන් කර ඇති බව වාර්තා වේ.

යුක්රේන බලධාරීන් චෝදනා කරන්නේ මෙම කාටූන් මාලාව හරහා ළමයින් අතර සියුම් ආකාරයෙන් රුසියානු හිතවාදී අදහස් ප්‍රචාරය කරන බවයි.

රුසියානු ප්‍රචාරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙන යුක්රේනය, කාටූනය තුළ සෝවියට් යුගයේ සංකේත සහ රුසියානු හමුදා ආශ්‍රිත සංකේත ධනාත්මක ආකාරයෙන් නිරූපණය කරන බවටද චෝදනා කරයි.

යුක්රේන සංස්කෘතික අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ රුසියාවෙන් නිකුත් වන එවැනි ප්‍රචාරණ සඳහා යුක්රේනයේ හෝ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක ළමා මාධ්‍ය තුළ ඉඩක් නොතිබිය යුතු බවයි.

මෙම තහනම යටතේ කාටූන් මාලාව යුක්රේනය තුළ විකාශනය කිරීම අවහිර කිරීමටද පියවර ගෙන ඇති අතර, යූටියුබ් ඇතුළු ජාත්‍යන්තර ඩිජිටල් වේදිකා සමඟ සාකච්ඡා කර එහි නිෂ්පාදන සමාගම් වෙත ලැබෙන ආදායම් සීමා කිරීම සහ ජාත්‍යන්තර බෙදාහැරීම පාලනය කිරීම සඳහා නීතිමය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, කාටූනයේ නිෂ්පාදන සමාගම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, රුසියානු රජයෙන් කිසිදු අරමුදල් ලබා නොගන්නා බවත් තම ආයතනය ස්වාධීන කලා ආයතනයක් බවත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් යුක්රේනයේ මෙම පියවර විවේචනය කරමින්, යුක්රේනය දැන් කාටූන්වලට එරෙහිවද යුද්ධයක් ආරම්භ කර ඇති බවට උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

‘මාෂා ඇන්ඩ් ද බෙයාර්’ කාටූන් මාලාව ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක විකාශනය වන අතර, එහි යූටියුබ් වීඩියෝ සඳහා බිලියන ගණනක නැරඹුම් වාර්තා වී තිබේ.

සූදානම් වන්න - අදත් මේ දිස්ත්‍රික්ක රත් වෙන බවට නිවේදනයක්

සූදානම් වන්න - අදත් මේ දිස්ත්‍රික්ක රත් වෙන බවට නිවේදනයක්

වහාම මෙතෙක් මෙම අරමුදල හරහා පාසල් දරුවන් ඇතුළු පිරිසට ලබා දුන් සියලු දීමනා අහෝසි කරයි

වහාම මෙතෙක් මෙම අරමුදල හරහා පාසල් දරුවන් ඇතුළු පිරිසට ලබා දුන් සියලු දීමනා අහෝසි කරයි

යුද ගිනි මැද මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකාවට නොහිතපු වාසනාවක් - උදව්වට ලෝක බැංකුවත් එයි

යුද ගිනි මැද මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකාවට නොහිතපු වාසනාවක් - උදව්වට ලෝක බැංකුවත් එයි