යුද ගිනි මැද මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකාවට නොහිතපු වාසනාවක් - උදව්වට ලෝක බැංකුවත් එයි

Report

මැදපෙරදිග පවතින භූ දේශපාලනික තත්ත්වයන් නිසා කලාපීය නාවික හා ලොජිස්ටික් ක්‍රියාකාරකම් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උදාවී ඇති නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාව රජය මෙන්ම ලෝක බැංකුව ද පෙන්වා දෙ‍යි.

මේ බව අවධාරණය කෙරුණේ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හා ලෝක බැංකු සමූහයේ නියෝජිත කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාවකදීයි.

එහිදී වරායේ ආයෝජන ක්‍රියාවලීන්වලදී වඩාත් විනිවිද භාවයෙන් මෙන්ම වාණිජමය වශයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ සහාය ලබා ගැනීම පිළිබදව ද සාකච්ඡා කර ඇත.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

එම කටයුතුවලදී විශේෂඥ උපදේශකයෙකුගේ සහාය ලබා දීමටද ලෝක බැංකු සමූහයේ නියෝජිත පිරිස කැමැත්ත පළ කර තිබුණා.

එසේම එවැනි උපදේශකයෙකු බදවා ගැනීමේදී ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලෝක බැංකු සමූහයේ ප්‍රතිපාදනවලින් ලබාදීමට ද එකඟතාව පළ වී ඇත.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් අමාත්‍යාංශ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රාජ්‍ය ආයතන එක්ව සම්බන්ධකර ගනිමින් වඩාත් පුළුල් ආයතන ව්‍යූහයක් නිර්මාණය කිරීමට සැලසුම් කරගෙන යන බවයි.

එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්තිය සදහා අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත් කිරීම පිළිබදව ද සාකච්ඡා කරගෙන යන බවයි.

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

මාළු නැත්තටම නැති වෙයි.. කන්න තියා මුහුදෙත් මාළු නැති වෙන බවට නි. ඇමතිගෙන් රතු එළියක්

මාළු නැත්තටම නැති වෙයි.. කන්න තියා මුහුදෙත් මාළු නැති වෙන බවට නි. ඇමතිගෙන් රතු එළියක්