නව නීතියක් - පොදු ප්රවාහන බස් රථ තුළ මේ දේ කරන අයට දඩ
By Mithu
එංගලන්තයේ බස් රථ තුළ ශබ්ද නගා සංගීතය වාදනය කරන මගීන්ට පවුම් 100 දක්වා දඩ නියම කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පොදු ප්රවාහන සේවාවන්හි සිදුවන අසම්ප්රදායික හා සමාජ විරෝධී හැසිරීම් පාලනය කිරීමේ අරමුණින්, එරට රජය සහ පළාත් පාලන ආයතන එක්ව මෙම නව නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම නව පියවර ඔස්සේ අනෙකුත් මගීන්ට සිදු වන බාධා වැළැක්වීම සහ පොදු ප්රවාහන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.