මැදපෙරදිග යුද්ධේ නිසා බ්‍රිතාන්‍යයත් අමාරුවේ වැටෙයි - වසර ගණනකට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට
ඉරාන යුද ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අස්ථාවරත්වය නිසා ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර, එහි බලපෑම එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසකට දැඩිව බලපා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඩීසල් මිල 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම අගයට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව පෙට්‍රල් මිල ද මාස 28 කින් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කර ඇත. එසේම මේ වන විට පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල පැන්ස 152 ක් වන අතර ඩීසල් ලීටරයක් පැන්ස 181.2 ක් බව වාර්තා වේ.
මේ අතර බ්‍රිතාන්‍යයේ Royal Automobile Club ආයතනයට අනුව, ඉරාන ගැටුම ආරම්භ වීමට පෙර පැවැති මිලට සාපේක්ෂව සාමාන්‍ය පවුලකට මෝටර් රථයකට පෙට්‍රල් පිරවීමේදී දැන් පවුම් 10.55 ක අතිරේක මුදලක් වැය වෙන බව පවසයි.
එසේම ඩීසල් රථ සඳහා එම අගය පවුම් 21.35 ක් වේ.
කෙසේ වෙතත් ඉන්ධන භාවිතය සීමා කිරීමට විවිධ රටවල් මේ වන විට පියවර ගනිමින් සිටින බව සඳහන්.