බ්‍රිතාන්‍ය ලොක්කෙක් දිවයිනට ඇවිත්- හේතුව මෙන්න[UPDATE]

Report

‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) දින උදෑසන දිවයිනට පැමිණ ඇත.

ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස වශයෙන් මෙසේ දිවයිනට පැමිණ ඇත.

ඒ අනුව අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 664 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම පිරිස පිළිගැනීමට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව සඳහන්.

රටවල් දෙක අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්. 

...............................................................................

බ්‍රිතාන්‍ය ලොක්කෙක් අද දිවයිනට - හේතුව මෙන්න [10.32 AM ]

බ්‍රිතා­න්‍යයේ නියෝජ්‍ය අග­මැති ඩේවිඩ් ලැමී මහතා නිල සංචා­ර­යක් වෙනුවෙන් අද (17) දින ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව ඇති බව සඳහන්.

ඒ අනුව මෙම සංචා­ර­යේදී ඔහු ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය සහ විදේශ කට­යුතු, විදේශ රැකියා හා සංචා­රක ඇමැති විජිත හේරත් මහත්ම මහ­ත්මීන් හමුවී සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරයි.

එමෙන්ම මෙම සංචා­රයේ ප්‍රධාන අර­මු­ණක් වන්නේ ‘ළමා රැක­ව­ර­ණය පිළි­බඳ ගෝලීය ව්‍යාපා­රයේ ප්‍රඥ­ප්ති­යට’ (Charter for the Global Campaign on Children’s Care) අදාළ ගිවි­සු­ම­කට අත්සන් තැබී­ම­ බව ද වාර්තා වේ.

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

අද (17) දින පෙර­ව­රුවේ දිව­යි­නට පැමි­ණෙන ලැමි මහතා ශ්‍රී ලංකා නාය­ක­යන් සමඟ සාකච්ඡා පැවැ­ත්වී­මෙන් පසුව එක්සත් ජාතීන්ගේ කාර්යා­ලයේ පැවැ­ත්වෙන ළමා රැක­ව­රණ ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ ගෝලීය ප්‍රඥප්ති උත්ස­ව­යට ද සහ­භාගී වීමට නියමිතව ඇත.

මිචෙල් මාෂ් පැතුම් නිස්සංකට සුභ පැතුම් එක්කරමින්, වැරදුණු දේ හෙළි කරයි

මිචෙල් මාෂ් පැතුම් නිස්සංකට සුභ පැතුම් එක්කරමින්, වැරදුණු දේ හෙළි කරයි

ජනපති අද ඉන්දියාවට

ජනපති අද ඉන්දියාවට