ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

By Aruna Dec 14, 2024 12:42 AM GMT
Report

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකයි.

අද සිට ඉදිරි දින කිහිපය මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න..මේ සතියෙ වෙන්න තියෙන දේ මෙතනින් දැන ගන්න.

අද සිට ඉදිරි දින කිහිපය මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න..මේ සතියෙ වෙන්න තියෙන දේ මෙතනින් දැන ගන්න.


සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබෙන බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමයි.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමා, දේවාභරණ හා සධාතුක කරඩුව ඇතුළු පූජා භාණ්ඩ සිරිපා මලුව වෙත වැඩම කරවීම මෙම පොහොය දිනයට සමගාමීව සිදු වනවා.

ඔබේ වාහනයත් 2002 වර්ෂයට පසුවනම් මෙන්න විශේෂ දැනුම්දීමක්..රජය ගත් විශේෂ තීරණය මෙන්න.

ඔබේ වාහනයත් 2002 වර්ෂයට පසුවනම් මෙන්න විශේෂ දැනුම්දීමක්..රජය ගත් විශේෂ තීරණය මෙන්න.


වසරේ අවසන් පොහෝ දිනය වන අද දිවයිනේ සෑම විහාරස්ථානයකම සැදැහැවතුන් වෙනුවෙන් දාන, සීල, භාවනාදී පිංකම් සංවිධානය කර ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ය.