ඔබේ වාහනයත් 2002 වර්ෂයට පසුවනම් මෙන්න විශේෂ දැනුම්දීමක්..රජය ගත් විශේෂ තීරණය මෙන්න.
ශ්‍රී ලංකා රේගුව විසින් නීත්‍යානුකූලව ආනයනය කරන ලද වාහනවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා අන්තර්ජාලය හරහා පහසුකම් සලසා දී තිබේ.
ඒ අනුව, පහත ලබා දී ඇති සබැඳිය ඔස්සේ පිවිස වාහනයේ චැසි අංකය ඇතුළත් කිරීමෙන් වාහනයේ නීත්‍යානුකූලභාවය තහවුරු කරගැනීමට අවස්ථාව සලසා දී ඇත.
(https://services.customs.gov.lk/vehicles)
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, මෙමඟින් රට තුළ නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සංසරණය අවම කිරීම සහ මෝටර් රථ වෙළඳපොලේ විනිවිදභාවය පෝෂණය කිරීම අරමුණ බවයි.
මෙම පහසුකම හරහා 2002 පසු ආනයනය කරන ලද සියලුම මෝටර් රථ සහ 2011 න් පසු ආනයනය කරන ලද සියලුම යතුරුපැදි පිළිබඳ විස්තර ඇතුළත් අතර, වාහන ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ගනුදෙනු සම්පූර්ණ කිරීමට පෙර පහසුවෙන් නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමේ හැකියාව හිමිව තිබේ.