රවී සෙනෙවිරත්නට හා ශානි අබේසේකරට මරණ දඬුවම දිය හැකියි? බරපතල චෝදනා 11ක් සමඟ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් [VIDEO]
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (31) දින පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හිමි වූ මරණ දණ්ඩනය පිළිබඳව ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය.4
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බවයි.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ සහරාන් හෂීම් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ විසින් එවකට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබුණද, ඔවුන් සහරාන් යනු කවුදැයි නිසි අවබෝධයකින් පසු නොවූ බවයි.
නමුත් එම අවධියේදීම වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ මඩකලපුව පාරමුණේදී මෝටර් සයිකල් බෝම්බයක් අත්හදා බැලීම යන සිදුවීම් හතරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටි බව ඔහු පැවසුවේය.
සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුව තිබුණේ රහස් පොලිසිය භාරව සිටි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යාම" නමැති කෘතියේ ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා 11ක් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇති බවත්, සහරාන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික පියවර නොගැනීම හිතාමතා සිදුකළ පැහැර හැරීමක් බවත් ගම්මන්පිල මහතා චෝදනා කළේය.
ලෝකයේ වෙනත් කිසිදු රටක පරීක්ෂණයක සැකකරුවෙකු එම පරීක්ෂණයේම ප්‍රධානියා ලෙස කටයුතු නොකරන බවත්, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබීම කණගාටුදායක බවත් පවසමින් ඔහු සිය අදහස් දැක්වීම අවසන් කළේය.
අදාළ මාධ්‍ය හමුවේ දර්ශන පහතින්,