මාලිමා ආණ්ඩුව බොරු නඩු දාලා රනිල්ව ඇතුලට දැම්මා මාවත් හය පාරක් අත්අඩංගුවට ගන්න හැදුවා
පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා තම අදහස් පළ කර ඇත.
ඔහු පැවසුවේ,
"මම පර්යේෂණ කටයුත්තකට විදේශ ගත වී සිටි අතරේ මට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ විමර්ශනයක් ආරම්භ කළ බවට සීඅයිඩිය කොටුව මහෙස්ත්‍රාත්වරියට බී වාර්තාවක් හරහා දැනුම් දී තිබුණා. ලොව පුරා ආණ්ඩු ආණ්ඩු විරෝධින් මර්ධනය කරන්න අවභාවිතා කරන භයානකම පනත විධියට තමයි අයිසීසීපීආර් පනත හඳුනා ගන්නේ. ඒ නිසාම එක්සත් ජාතින්ගේ සංවිධානය මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් කොන්දේසි පහක් සම්පූර්ණ කර තිබෙනවා නම් පමණයි කියලා මාර්ගෝපදේශයක් පවා නිකුත් කලා. රබාත් පරික්ෂාව කියන්නේ ඒකට.
ලංකාවේ අයිසීසීපීආර් පනත වසර 18ක් තිබුණා. නමුත් කිසිම ආණ්ඩුවක් විපක්ෂය මර්දනය කරන මෙවලමක් විධියට මේ පනත කවදාවත් අවභාවිතා කරලා නෑ. මේ පිළිබඳ මම දැනටමත් අධිකරණය ඉදිරියේ නඩු පවරලා තිබෙන නිසා ඒ ගැන මම ඊට වඩා කතා කරන්නේ නෑ. මාලිමා ආණ්ඩුව මාස 10ක් ඇතුලත මාව අත්අඩංගුවට ගන්න හය පාරක් උත්සාහ කලා. 2024 ඔක්තෝම්බර් මාසයේ දී ජනාධිපතිතුමා සඟවා ගෙන හිටිය පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා දෙකක් මම ප්‍රසිද්ධ කළ අවස්ථාවේ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගන්නවා කියලා විජිත හේරත් ඇමතිතුමාත් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාත් කිව්වා. ඊට පස්සේ පිල්ලෙයාන් හමු වී සාකච්ඡා කළ කරුණු ප්‍රසිද්ධ කරලා මහ මොලකරු නාට්‍යය නාඩගමක් බවට පත් කලාට පස්සේ විමර්ශනයට බාධා කලා කියලා මාව අත්අඩංගුවට ගන්නවා කියලා ආන්නද විජේපාල ඇමතිතුමා ප්‍රකාශ කලා.
වංචනිකව නිදහස් කළ බහාලුම් 323 පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම නිසා මාව අත්අඩංගුවට ගන්නවා කියලා බිමල් රත්නායක, හර්ෂණ නානායක්කාර සහ සුනිල් වටගල කියන ඇමතිවරු ප්‍රකාශ කලා. සිව්වෙනුව, ඉන්දියාව සමග අත්සන් කර තවමත් සඟවා ගෙන ඉන්න ගිවිසුම් හතෙන් දෙකක් මම ප්‍රසිද්ධ කළ නිසා මාව අත්අඩංගුවට ගන්නා බව නලින්ද ජයතිස්ස ඇමතිතුමා ප්‍රකාශ කලා. පස්වෙනුව, ජනාධිපතිතුමා මහජන මුදලින් ජර්මනියේ පෞද්ගලික සංචාරයක නිරත වීම මම ප්‍රශ්න කලා. මාව ඒකට අත්අඩංගුවට ගන්න කියලා මාලිමාවේ භික්ෂු සංවිධානය වන ජාතිික භික්ෂු පෙරමුණ සීඅයිඩියට පැමිණිලි කලා.
මාලිමා නාගරික මන්ත්‍රිවරු පොලිස් මූලස්ථානය ඉදිරිපිට මාව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක් කලා. මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා මාව අත්අඩංගුවට ගන්නවා කිව්වා. සීඅයිඩිය මාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලා ගෙන අධිකරණය ඉදිරියට ගියාට අධිකරණය පදනම් විරහිතව වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කලා. මේ හයවන අවස්ථාවට තමයි අයිසීසීපිආර් පනත අවභාවිතා කරලා මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කලේ. පදනම් විරහිත චෝදනා නගමින් මාව අත්අඩංගුවට ගන්න හදන්නේ හොරකමක් මැරකමක් සල්ලාලකමක් පිලිබඳ මට කිසිම නඩුවක් ගොනු කරන්න බෑ කියලා ආණ්ඩුව තේරුම් ගත් නිසා.
පසුගිය වසර 26 පුරා මම පාලනය කළ ආයතන සියල්ලේම ලිපි ගොනු ගෙන්වමින් නිලධාරින් ප්‍රශ්න කරමින් මගේ සුළු හෝ වැරැද්දක් සොයා ගන්න ආණ්ඩුව උත්සාහ කලා. ඒත් බැරි වුණා. ඒ නිසා තමයි බොරු නඩු ගොතන වැඩේ සාහිත්‍ය ශූරී ශානි අබේසේකර මහත්තයාට භාර දීලා තිබෙන්නේ. මෙතරම් කාර්යබහුල වෙලත් මේ පදනම් විරහිත විමර්ශනය පටන් අරන් මම කිසිම දූෂණයක් කරලා නෑ කියන චරිත සහතිකය නිකුත් කරන්න වෙලාව වෙන් කිරීම ගැන ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බොහොම පිං.
මාලිමා ආණ්ඩුව තරම් වේගයෙන් ජනප්‍රියතාවය පිරිහුණු ආණ්ඩුවක් ලෝක ඉතිහාසයේ කවදාවත් තිබුණේ නෑ කියලා පුංචි ඡන්ද ප්‍රතිඵලය දැක්කාම අපි කිව්වා. තමන් බලයට ඇවිත් මාස හයක් ඇතුලත ඡන්ද පදනම 34%කින් අඩු වුණු ආණ්ඩුවක් ලොවෙත් නෑ තමයි. මේ නිසා ආණ්ඩුව ව්‍යාපෘති තුනක් දියත් කරලා තිබෙනවා. පළමු ව්‍යාපෘතිය තමයි විපක්ෂයේ ක්‍රියාකාරින් සිරගත කරලා විපක්ෂය බියට පත් කරලා අකර්මන්‍ය කරන්න උත්සාහ කරන එක. අද මාලිමා නායකයෝ තමන්ගේ ක්‍රියාකාරින්ට කියන්නේ “බය වෙන්න එපා.
විපක්ෂයේ කෑ ගහන අය හැමෝම අපි ඇතුලට දාලා තමයි ඊලඟ මැතිවරණයට යන්නේ. ඊලඟ ඡන්දයේ දී අපට තර්ජනයක් වෙන එක්කෙනෙක්වත් ඉතිරි කරන්නේ නෑ “ කියලා. බොරු නඩු හදලා රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාව අත්අඩංගුවට ගත්තේත් මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන්නේත් ඔන්න ඔය ව්‍යාපෘතිය යටතේ තමයි. දෙවන ව්‍යාපෘතිය තමයි රාජ්‍යය අත්පත් කර ගැනීම. ආණ්ඩු බලය නැති වුණත් රාජ්‍යය තමන් සතු කර ගැනීම තමයි මාලිමා උපාය. ඒ නිසා සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරින්ට වෙන් කරලා තිබෙන දෙපාර්තමේන්තු ප්‍රධානි තනතුරු පවා අද මාලිමාවේ අයගෙන් පුරවනවා.
ආණ්ඩු බලය යොදා ගෙන ගමේ දායක සභාවේ මරණාධාර සභාවේ පවා බලය අල්ලනවා. තුන්වන ව්‍යාපෘතිය තමයි මහ පරිමාණ වංචාව. අද රෑ දොලහට තැබෑරුම් වහනවා කිව්වාම බේබද්දන් බොන විධියට තමයි අද ආණ්ඩුවේ ලොක්කන් සොරකම් කරන්නේ. බහාලුම් 323 වංචාව, සහල් මිල වංචාව, සහස්දනවි වංචාව, සීනි වංචාව සහ ගල් අඟුරු වංචාව වැනි වංචා ගණනාවක් අපි හෙලිදරව් කලා. ඒ නිසා තමයි ආණ්ඩුවේ ව්‍යාපෘති තුන ඉදිරියට ගෙනි යන්න නම් අපේ කටවල් වහලා ඉන්න ඕනි කියලා ආණ්ඩුව තීරණය කරලා තිබෙන්නේ" ලෙසයි.