සවුදි අරාබිය කැළඹෙයි - පුලුවන්නම් අතක් තියනවා අහසවත් මුහුදවත් ගොඩබිමවත් දෙන්නෑ කියයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන ආකාරයට ඉරානයට එරෙහිව එල්ල විය හැකි ඕනෑම සතුරු හමුදාමය ක්‍රියාවක් සඳහා තම ගුවන් සීමාව, භූමිය හෝ මුහුදු සීමාව භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.
අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි පවතින බියත් සමග ටෙහෙරානයට එරෙහිව එල්ල වන කිසිදු ප්‍රහාරයක් සඳහා අවශ්‍ය සැපයුම් සහාය ලබා නොදීමට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැපවී සිටින බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.
පවතින අර්බුද විසඳීම සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ සාකච්ඡා මාර්ගය, ආතතීන් අවම කිරීම, ජාත්‍යන්තර නීතියට අනුකූල වීම සහ රාජ්‍ය ස්වෛරීභාවයට ගරු කිරීම බවත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් ආරවුල් විසඳා ගැනීම තම රටේ ප්‍රධාන ප්‍රවේශය බව ද ඔවුන් පවසයි.
ඇමරිකානු ප්‍රහාරයක් අපේක්ෂාවෙන් 'යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්' නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ තවත් ප්‍රහාරක නෞකා 3ක් පසුගිය සිකුරාදා ඉන්දියන් සාගරයට පැමිණ ඇත. ඇමරිකානු නාවික බලඇණියක් මැදපෙරදිග දෙසට ගමන් කරමින් සිටින බවත්, ඉරානයේ තත්ත්වය වොෂින්ටනය සමීපව නිරීක්ෂණය කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා තහවුරු කළේය.