පිලිපීනය සොහොන් පිට්ටනියක් කළ 'කල්මේගි' සුළිකුණාටුව - 114ක් ජීවිතක්ෂයට 127 අතුරුදහන්

Report

පිලිපීනයට බලපා ඇති 'කල්මේගි' සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව එරට මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ (05) දින ඇති වූ මෙම සුළි කුණාටුව මේ වසරේ මධ්‍යම පිලිපීනයේ ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව වන බවයි.

එසේම 'කල්මේගි' සුළි කුණාටුව නිසා කලාපයේ වඩාත්ම ජනාකීර්ණම දූපත වන 'සෙබු' නගරය ජලයෙන් යට වී තිබෙන අතර, එහි පමණක් මරණ 71ක් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම තවත් 127 දෙනෙක් අතුරුදන්ව 82ක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

පස් දෙනෙක් බිලි වූ දැදුරු ඔයේ ඛේදවාචකය - දිවි බේරාගත් දරුවෙකු කියන හද කම්පා කරන කතාව

පස් දෙනෙක් බිලි වූ දැදුරු ඔයේ ඛේදවාචකය - දිවි බේරාගත් දරුවෙකු කියන හද කම්පා කරන කතාව

එසේම සිදු වූ බොහෝ මරණ සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බව පවසයි.

මේ අතර සුළි කුණාටුව අද (06) දින උදෑසන පිලිපීනයෙන් මධ්‍යම වියට්නාමය දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් තායිලන්තයේ ද ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්ව හා නායයෑම් පිළිබඳවයි. 

දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්

දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්

අමෙරිකාවේ ගුවන් අනතුරෙන් මියගිය ගණන 11 දෙනෙකු දක්වා ඉහළ ගිහින්

අමෙරිකාවේ ගුවන් අනතුරෙන් මියගිය ගණන 11 දෙනෙකු දක්වා ඉහළ ගිහින්