පස් දෙනෙක් බිලි වූ දැදුරු ඔයේ ඛේදවාචකය - දිවි බේරාගත් දරුවෙකු කියන හද කම්පා කරන කතාව

Report

හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් විය.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)දින පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

එම අවස්ථාවේදී පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එහිදී තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවද පොලීසිය වාර්තා කළා.

දැදුරු ඔයේ ඛේදවාචකය - මළසිරුරු හතරක් ගොඩ අරන්

දැදුරු ඔයේ ඛේදවාචකය - මළසිරුරු හතරක් ගොඩ අරන්

මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 12,16,19 සහ 27 යන වයස්වල පසුවූ මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර අඳාළ පුද්ගලයින් සමග දියනාමින් සිට දිවි බේරාගත් දරුවෙකු සිදුවූ අනතුර සම්බන්ධයෙන් කියා සිටියේ,

"මුලින්ම මාරවිල පල්ලියට යන්න ආවේ. ඊට පස්සේ මුන්නේෂ්වරන් ගිහින් කාලා නාන්න තමා මෙහෙට ආවේ. අපි අර හරියේ නනා හිටියේ. ඊට පස්සේ මෙතෙන වතුර හොඳයි කියලා මෙතෙනට ආවා. වතුර වැඩිය තිබුණේ නෑ. එක අඩියක් පස්සට තිබ්බ ගමන් ඇදගෙන වැටුණා. මමත් ගියා. අයියා කෙනෙක් මාව ඇදලා ගත්තා. අපේ නැන්දයි පුතාලා දෙන්නම නෑ. එහා ගෙදර නැන්දාගේ ළමයි දෙන්නා නෑ." යනුවෙන්.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ගංගා, වැව් සහ ජලාශවල දියනෑමේදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් මියයාම පසුගිය කාලය තුළ වැඩි වශයෙන් වාර්තා වූ බවයි.

එමෙන්ම අනතුරුදායක ස්ථානවල දියනෑම මෙම තත්ත්වයට හේතුව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.

අද මේ ලග්නවලට සැප සම්පත් දෝරේ ගලන හැම අතින්ම වාසනාවන්ත දවසක්

අද මේ ලග්නවලට සැප සම්පත් දෝරේ ගලන හැම අතින්ම වාසනාවන්ත දවසක්