අමෙරිකාවේ ගුවන් අනතුරෙන් මියගිය ගණන 11 දෙනෙකු දක්වා ඉහළ ගිහින්

Report

අමෙරිකාවේ, කෙන්ටකිහි ලුවිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ඊයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය ගණන 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර අමෙරිකානු වේලාවෙන් ඊයේ පස්වරුවේදී ලුවිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ගුවන් ගතවූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කෙටි වේලාවකට පසු කඩා වැටීමෙන් සිදුව තිබේ.

ඒ අනතුර සදහා හේතුව ගුවන් යානයේ වම්පස එන්ජිමේ ඇති වූ දෝෂයක් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට 11ට තුවාල - සියලුම ගුවන් ගමනුත් අත්හිටුවයි

ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට 11ට තුවාල - සියලුම ගුවන් ගමනුත් අත්හිටුවයි

තවද මෙම මියගිය පිරිස අතර අදාළ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා ද වේ.

ඒ වගේම ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ ගොඩනැගිලිවල රැදී සිටි පිරිසක් ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 මෙම ගුවන් යානය හවායි දක්වා පියසාර කරමින් තිබු අතර එහි ඉන්ධන ලීටර් එක් ලක්‍ෂ 40,000 ක් ගබඩා කර තිබී ඇත. ඒ හේතුවෙන් අනතුරත් සමග විශාල ගිනි ජාලාවක් හටගත් බව මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්

දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්