දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්
මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදහන් වීමේ අවාසනාවන්ත සිදුවීමක් ගන්දර පොලිස් වසමෙන් වාර්තා වේ.
ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයෙක් මෙලෙස අතුරුදහන් වී ඇත.
අතුරුදහන් වූ පුද්ගලයා අවුරුදු 19ක් වයස ඇති පුද්ගලයෙක් වූ අතර ඔහු රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වෙයි.
අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදන් වූ තරුණයා සොයා හිරිකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කර තිබේ. ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.