වසර අටකට පසු තායිවානය කැළැඹූ 'ගෙමී'..

By Piyumika Jul 25, 2024 03:08 AM GMT
Report

ඊයේ (24) පස්වරුවේ පැයට කිලෝමීටර 240 ක පමණ වේගයකින් පැමිණි සුළි කුණාටුවක් තායිවානයට දැඩි ලෙස බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මේ හේතුවෙන් පිලිපීනයට ඇති වියහැකි බලපෑම පිළිබදව හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබුණි .

හුආලියන් නගරය ආසන්නයට කඩා වැදුණු 'ගෙමී' සුළි කුණාටුව වසර අටකින් තායිවානයට බලපෑ ප්‍රබලම කුණාටුවද වේ.

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය සිරුරක් හමුවේ..

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය සිරුරක් හමුවේ..

එහි බලපෑමෙන් තායිවානයේ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණු අතර, රටපුරා කාර්යාල සහ පාසල් ද වසා දමා තිබේ.

පවතින ආපදා තත්ත්වය හමුවේ මේ වන විට තායිවානයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තාවන අතර 201 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

දේශපාලන ප්‍රබලයකු දිවිගමනට සමුදේ..

දේශපාලන ප්‍රබලයකු දිවිගමනට සමුදේ..

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තායිවානයේ මධ්‍යම සහ දකුණු කඳුකරයේ මිලිමීටර 1,000 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර, තද සුළං ද අපේක්ෂා කළ හැකියි.

සුළි කුණාටුවේ බලපෑම හමුවේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ පිලිපීනයේ මැනිලා අගනුවර සහ ඒ අවට නගර ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.