එපා කියද්දීත් බිහුසුණු වික්ටෝරියා ජලාශයේ නාන්න ගිහින් - තරුණයෝ කණ්ඩායමක් මරුට
By Ashfa
පොලිසිය වාර්තා කරන ආකාරයට තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ, ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර තවත් තරුණයෙක් අතුරුදන්ව සිටින බවය.
මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් - 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.