දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මරුට
By Mithu
කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකි.
මියගිය තරුණයින්ගේ දේහයන් දැනට කොස්ගම සාලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.