LPL ක්‍රිකට් වසන්තය ජූලි 17 ඇරඹේ

Report

2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත බව සංවිධායකයින් පවසයි.

එම තරගය ජූලි 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. තරගාවලිය ආරම්භයට පෙර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී විශේෂ සමාරම්භක උත්සවයක්ද සංවිධානය කර ඇත.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරග කොළඹ SSC, රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.