ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනි අවිය දුන්නේ ඔස්මන් - CCDය අධිකරණයට දන්වයි

Report

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට යොදාගත් ගිනි අවිය ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා විසින් ලබා දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (15) අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ මෙම ඝාතනයේ 44 වන සැකකරු ලෙස ගම්පහ ඔස්මන් නම් කරන බවයි.

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියේ පළමු සැකකරු වන වෙඩික්කරු වෙත අපරාධය සිදු කිරීම සඳහා අදාළ ගිනි අවිය ගම්පහ ඔස්මන් විසින් වෙනත් ස්ථානයකදී ලබා දී ඇති බවයි.

සැකකරු පැය 72ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා තවත් දින 90ක කාලයක් ඔහු රැඳවුම් නියෝග මත තබා ගැනීමට අධිකරණ අවසරය ලැබී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

QR කේත ක්‍රමයේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට සූදානමක් - අගමැතිනි හරිනිගෙන් සුභ පණිවිඩයක්

QR කේත ක්‍රමයේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට සූදානමක් - අගමැතිනි හරිනිගෙන් සුභ පණිවිඩයක්