සාරංග - ශනුද්‍රි - සංගීතා එකතු වන ‘ආදරණීය තරුවක්’ ට්‍රේලරය එළියට

Report

දිසාසේකර ෆිල්ම්ස් නිෂ්පාදනය කළ ‘ආදරණීය තරුවක්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට Saranga - Dinakshie Online යූටියුබ් නාළිකාව ඔස්සේ නිකුත් කර තිබේ.

ඩිල්ෂාන් අමරසිංහගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Saranga Disasekara, Sangeetha Weeraratne සහ Shanudrie Priyasad එක්ව සිටිති.

‘ආදරණීය තරුවක්’ චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට නියමිත අතර, දිසාසේකර ෆිල්ම්ස් නිෂ්පාදනය කරන පළමු සිනමා නිර්මාණය ලෙසද මෙය සැලකේ. එමෙන්ම අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසිංහගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ද මෙය වීම විශේෂත්වයකි.

පූර්ව ප්‍රචාරක පටය