"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න [VIDEO]

Report

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවට විපක්ෂයේ ඇතැම් පාර්ශව සහ සමාජ මාධ්‍යවල පළවන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (09) දින යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ,

“ඔය විපක්ෂයේ ඉන්න අයට මෙලෝ දැනුමක් නෑ. කිසිම උපායමාර්ගයක් තේරෙන්නෙ නෑ. දේශපාලන වශයෙන් අවතැන්වෙලා ඉන්නෙ. ඒ නිසා අතට අහුවෙච්ච එකෙන් ගහන්න පටන් අරන් තියෙනවා. ඒ අතරේ ඔය සමාජ මාධ්‍යවල ඉන්නවා පොඩි මානසික ලෙඩ්ඩු වගේ කීපදෙනෙක්. ඒගොල්ලො රෑට බුදියාගත්තාම මොකක් හරි එකක් හිතෙනවා, ඒක උදේට පෝස්ට් එකක් හදලා දානවා. එතකොට ඒක දැම්මාට පස්සෙ තව පිරිසක් ඉන්නවා ඒක ගැන හොයන්නෙ නැතිව ඒක උස්සාගෙන හතරවටේ යනවා, මෙලෝ විචාරයක් නැහැ.

"ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකළොත් මරණ තර්ජන" - නාමල්ගෙන් බිහිසුණු අනාවරණයක්

"ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකළොත් මරණ තර්ජන" - නාමල්ගෙන් බිහිසුණු අනාවරණයක්

මං දැක්කා කවුරුහරි එක්කෙනෙක් දාලා තිබුණා පැලවත්තේ අතින් පයින් ගුටි කෙළියක් නේද මොකක්ද කියලා. ඒක උපුටලා තව කට්ටියක් හදලා තිබුණා පැලවත්තේදී මට ප්‍රහාරයක් එල්ල වුණාය, මම දැන් ඉස්පිරිතාලෙ ඉන්නෙය කියලා. මම දැන් ඔයා ඉස්සරහානෙ ඉන්නෙ … සාමාන්‍යයෙන් නිව්ස් කරන හරි, ඕනෙ එක්කෙනෙකුට සදාචාරයක් තියෙනවානෙ සිද්ධියක් ආරංචි වුණාම චෙක් කරනවානෙ ඒ කෙනාගෙන්. මට කෝල් එකක් දාලා අහන්න එපැයි නේ ? ඒ තහවුරු කිරීම් මොකක්වත් නෑ, මේක හද හදා යනවා. මේකෙ හාස්‍යජනකම දේ තමයි ඔය මහින්ද රාජපක්ෂලාගෙ, පොහොට්ටුවේ හිටපු කණ්ඩායම් - මිලින්ද රාජපක්ෂ - මම දැක්කා පුවත්පත් සාකච්ඡාවක් තියලා මේක හෙණට කතා කළා. මොකුත් දන්නෑ. මේක නිකම් හරියට අර අහස කඩාවැටෙනවා කියලා හාවා දිව්වෙ, අන්න ඒ වගේ.

විදුලි බිල ගැන වාසුදේවගෙන් ආණ්ඩුවට රතු එළියක්

විදුලි බිල ගැන වාසුදේවගෙන් ආණ්ඩුවට රතු එළියක්

බෙලිගෙඩිය වැටුණා, හාවා දිව්වා බයට. මේක නම් බයටත් නෙවෙයි කුපාඩිකමට, දැන් හතරවටේ දුවනවා. ඇත්තටම ගත්තොත් බංකොලොත් වෙන්නෙ කවුද ? අපි නෙවෙයිනෙ. දැන් රටම දැනගත්තා මේක මේ පචයක් තමයි කියලා. ඒගොල්ලො කියන එකක් මිනිස්සු විශ්වාස කරන්නෙ නැතිව යනවා, ඒගොල්ලො කොහොමද ආණ්ඩුවක් හදන්න කල්පනා කරන්නෙ ? මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ, මගෙන් කීපදෙනෙක් ඇහුවා, මට නම් ඇත්තටම ගත්තොත් හිනාගියා මේකට. මේකෙන් පෙනෙන දේ තමයි මේ වගේ පෝස්ට් හදන කට්ටිය දේශපාලනික වශයෙන් මොන තරම් බංකොලොත්ද, මොන තරම් මන්දබුද්ධිකද කියන එක”