බැසිල්ගේ නෙවේ කියපු මල්වානේ නිවස අන්තරේ වටලයි - උණුසුම් තත්ත්වයක් [VIDEO]

Report

හිමිකරුවකු නොමැති ඉඩමක් වශයෙන් ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) දින විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත විය.

ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව' මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටින බව සඳහන්.

එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසයි.

මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරද්දි යෝෂිත තමන් නිවැරදිකරු බව කියයි

මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරද්දි යෝෂිත තමන් නිවැරදිකරු බව කියයි

ඒ අනුව අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම නිසා අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණා.

ඒ අඳාළ නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබියදීයි. අනතුරුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

පසුගිය අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුව තිබුණා.

අනතුරුව මෙම නිවසේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබූණි.

මෙම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන මෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

නීතියට උඩින් කවුරුත් නෑ කියලා ජනාධිපතිතුමා කියනවනම් සැකකාරයින් දිවි නසාගන්නේ ඇයි - නාමල්

නීතියට උඩින් කවුරුත් නෑ කියලා ජනාධිපතිතුමා කියනවනම් සැකකාරයින් දිවි නසාගන්නේ ඇයි - නාමල්

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,